මන්නාරමේ සතොස භූමියේ මිනී වලෙන් පබළු ඇට මතුවේ ( VIDEO)

මන්නාරමේ සතොස භූමියේ මිනී වලෙන් පබළු ඇට මතුවේ ( VIDEO)

හයවැනි දිනයේත් කැනීම් සිදු කරනු ලබන මන්නාරමේ සතොස සමූහ මිනී වලෙන් පබළු ඇට හමුවී තිබේ.

පොළොවේ අඩි අටක් පමණ ගැඹුරට හැරීමේදී සොයාගන්නා ලද කොළ සහ  තැඹිලි පැහැයට හුරු එම පබළු වැඩිදුර පර්යේෂණ සිදු කිරීම සඳහා තමන් බාරයට ගත් බව ප්‍රධාන විමර්ශන නිලධාරී වෛද්‍ය සමින්ද්‍ර රාජපක්ෂ ගගන කළ විමසීමකදී කියා සිටියේය.

මන්නාරම සතොස භූමියේ ඉදි කිරීම් කටයුතු වලදී මතුවූ මිනිස් අස්ථි කොටස් එම භුමියේ පමණක් නොව විමර්ශන ආරම්භ කිරීමට පෙර පස් හාරා ගොඩ දමන ලද ස්ථාන වලද විසිරී පවතින නිසා පරීක්ෂණ කටයුතු කඩිනමින් නිම කිරීම ගැටළු සහගත වී ඇති බව ඔහු පැවසීය.

මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාදා වන වෛද්‍ය සමින්ද්‍ර රාජපක්ෂ  ප්‍රකාශ කළ පරිදි සතොස භූමියේ පමණක් නොව බැකෝ යන්ත්‍ර යොදාගෙන එතැන හාරා වෙනත් තැනක ගොඩගසන ලද පස් ද විමර්ශනයට භාජන කෙරේ.

කැනීම් කටයුතු ආරම්භ කිරීමට පෙර මාර්තු අග භාගයේ මන්නාරමින් පස් ලබාගත් කිසිවකු වේ නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට, අධිකරණයට හෝ මන්නාරම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී පරීක්ෂණ වලට සහාය වන ලෙස වෛද්‍ය සමින්ද්‍ර රාජපක්ෂ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අතුරුදහන් වුවන් සඳහා වන කාර්යාලයේ (OMP) නියෝජිත මිරාක් රහීම්,  නීතිඥ වරුණ ද සේරම්, නීතිඥ වී එස් නිරන්ජන් සහ නීතිඥ රනිතා ඥානරාජ් මෙන්ම මන්නාරම පුරවැසි කමිටුවේ ප්‍රධානී එස් ඥානප්‍රගාසම් පියතුමාද කැනීම් කටයුතු නිරීක්ෂණයට පැමිණ සිටි බව ගගන මන්නාරම වාර්තාකරු පවසයි.

පසුගිය සතියේ කැනීම් සිදු කරද්දී මන්නාරම සතොස සමූහ මිනී වලින් අලුතින් මිනිස් අස්ථි කොටස් පාදා ගෙන තිබුනි.
(radiogagana.com)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න