පොලිස්පති නැවතත් පොලිස් කොමිසමට උඩින් ගිහින්

පොලිස්පති නැවතත් පොලිස් කොමිසමට උඩින් ගිහින්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත  සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත්ගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
 
වසරක වැඩ තහනමකට ලක්ව සිටි මේ නිලධාරියාව ජාතික  පොලිස් කොමිෂන් සභාව මගින් සේවයේ පිහිටුවා දින 20ක් පමණ රාජකාරි කිරීමෙන් පසු පොලිස්පතිවරයා විසින් මෙලෙස වැඩ තහනම් කරනු ලැබ ඇත.

එහෙත් ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කිරීමෙන් පසුව පොලිසියේ ඉහළ නිලධාරීන් සම්බන්ධව තීරණ ගැනීමට පොලිස්පතිවරයාට බලයක් නොමැත. වාර්තා වන ආකාරයට  අදාළ සේවා අත්හිටුවීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත්තේද  ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නොවේය.
 
පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත්ගේ රාජකාරි මුල් වරට අත්හිටවනු ලැබුවේ 2017 වසරේ දීය. වසරකට ආසන්න කාලයක් තිස්සේ වැඩ තහනම් කර ඇතත් චෝදනාපත්‍රයක් හෝ ලබා දී නැතැයි කියමින් ඒ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ අභියාචනයක් අනුව 2018 ජනවාරි 18 වැනි දා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහුව යළිත්  සේවයේ පිහිටුවා ඇති අතර  2018 පෙබරවාරි 2 වනදා   නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට හා පොලිස්පතිට ඒ බව  ලිඛිතව දැනුම්දීමටද පොලිස් කොමිසම කටයුතු කර ඇත.
 
එහෙත් පොලිස්පතිවරයා  කොමිෂන් සභා තීරණය ක්‍රියාත්මක කර  බැවින් එම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් එස් දිසානායක  අප්‍රේල් 9 වනදා  නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට හා පොලිස්පතිවරයට දෙවැනි වරටත් ලිඛිතව දැනුම් දීමෙන් පසු මැයි මාසයේ දී එම නිලධාරියාව රාජකාරියේ පිහිටුවා ඇත. 
 
නමුත් 2009 සැප්තැම්බර් මස නව වැනි දා  සිද්ධියක් සම්බන්ධයෙන් 2016 වසරේ දී එවකට විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් අධිකාරීවරයාට අවවාද පත්‍රියාවක් ලබා දී තිබිය දී මෙම වැඩ තහනම් කිරිම සිදු කර   බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න