ඉන්ෆුලුවෙන්සා එන්නතෙන් පුද්ගලික රෝහල් ගසා කෑමක ! 

ඉන්ෆුලුවෙන්සා එන්නතෙන් පුද්ගලික රෝහල් ගසා කෑමක ! 

මේ වන විට දකුණු පළාත පුරා පැතීරීයන ඉන්ෆුලුවෙන්සා උණ වෛරසය දිවයිනපුරා පැතීරියතැයි බියෙන් රෝගය නිවාරණය කිරීම සදහා බොහෝ දෙමාපියන් තම දරැවනට ඉන්ෆුලුවෙන්සා  එන්නත ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් එහිදී  පුද්ගලික රෝහල්   එම එන්නත විශාල මුදලකට  අලෙවි කරන බව  වාර්තා වී ඇතැයි  පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර බොහෝ පුද්ගලික රෝහල් ඉන්ෆුලුවෙන්සා  එන්නත අලෙවි කරන්නේ රුපියල් 2000 මුදලකට වන අතර ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා තවත් රුපියල්  2000 ක් ද අදාල පුද්ගලික රෝහලට ගෙවිය යුතු තත්ත්වයක් පවතින බවද දකුණු පලාතේ එම එන්නත අලෙවි කරන්නේ රැපියල් 5800 කටය. ඒ අනුව එම එන්නත සදහා පාරිභෝගිකයාට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබීම නිදහස් සෞඛ්‍ය සේවාවක් රට තුළ ඇතැයි පුරසාරම් දොඩවන හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයාද වන සෞඛ්‍ය ඇමතිවරයෙක් සිටින රටකට කිසිම ආකාරයකින් උචිත නොවේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ රෝග නිවාරණය සදහා ඉන්ෆුලුවෙන්සා  එන්නත ලබා ගැනීම හොද බවය. එහෙත් එම එන්නත රජයේ රෝහල් සදහා ලබා දීමට කටයුතු නොකරන්නේ ඇයිද? යන්න අපට ගැටලුවකි.

රජයේ රෝහල් සදහා එම එන්නත ලබා දිය නොහැකි නම් සාධාරණ මිල කට එම එන්නත ලබා ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස්කිරීම රජයේ වගකීම බව අප අවධාරණය කරමු.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ දකුණේ දරැවන් මිය ගිය සංඛ්‍යාව ජනතාවගෙන් වසන් කිරීමට දරණ උත්සහය නවතා දමා ලෝක සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ ඉල්ලීමක්කර මෙරට දරැවන්හට ලබා දීම සදහා ඉන්ෆුලුවෙන්සා  එන්නත මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි. නැතහොත් ඔබවෙත ලැබුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුර මාධ්‍ය සංදර්ශණවලට පමණක් සීමාවනු ඇත.

තම වැටුප් සහ වාහන බලපත් ලබා ගැනීමට පමණක් වර්ජනය කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන්ද අප ඉල්ලා සිටින්නේ මෙරට දරැවන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීම සදහා ඉක්මනින් මැදිහත්වන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න