මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිශන් සභා වාර්තාවේ මෙතෙක් නිකුත් නොවූ කොටස් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් කථානායකවරයා වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.
අද(05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදාළ වාර්තාවේ සී. 350 සිට සී.360 දක්වා කොටස් අදාළ නිලධාරීන් විසින් කතානායක කරූ ජයසුරිය වෙත භාර දුන් බව කථානායක කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව කථානායකවරයා විසින් අදාළ වාර්තා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
