සුදර්ශනී පැරදුණේ බැසිල් නිසා : ඒකාබද්ධයෙන්ම චෝදනා

සුදර්ශනී පැරදුණේ බැසිල් නිසා : ඒකාබද්ධයෙන්ම චෝදනා

පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම ජන්ද විමසීමේදී බැසිල් - ගෝඨාභය බල අරගලය නැවත ඉස්මතුවූ බවත් ඒ හේතුවෙන් බරපතල දේශපාලන පරාජයක් ලැබීමට ඒකාබද්ධ විපක්ෂයට සිදුවූ බවත් ඒකාබද්ධ විපක්ෂයේ  දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට නියෝජ්‍ය කතානායක ධුරය සඳහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි සහ  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ නම් යෝජනා වී  තිබීම හේතුවෙන් ඒ සඳහා රහස් ජන්දයක් පවත්වා ඇති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබෙන් නැගිට ගොස් ඇත.

එසේ සභාවෙන් නැගිට ගිය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස 15ක් පමණ වන බවත් ඔවුන් පළමු අවස්ථාවේ සිටම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට අදාළ ධුරය ලබාගැනීම වෙනුවෙන් ජන්දය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම බැසිල් පාර්ශවය නියෝජනය කරන බවත් එම පාර්ශවයෙන් ලැබුණු උපදෙස් මත ඔවුන් ජන්ද විමසීම වර්ජනය කර ඇති බවත් දැනගන්නට ඇත.

එසේම සුදර්ශනී මන්ත්‍රීවරිය නියෝජ්‍ය කතානායකධුරය සඳහා යෝජනා කර පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් ලබා ගැනීමේ කටයුත්ත පිටුපස සිට ඇත්තේ ගෝඨාභය පාර්ශවය බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න