TNL සීල් තැබීම : සිවිල් සමාජයේ ගැරහුමට !

TNL සීල් තැබීම : සිවිල් සමාජයේ ගැරහුමට !

මෙරට පැරණිතම රූපවාහිනී සේවය වන TNL හී විකාශය අත්හිටුවීමට කටයුතු කිරීම නින්දාසහගත කටයුත්තක් බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.කිසියම් මාධ්‍යයක් පාලකයින් විවේචනය කළ පමණින් විකාශන බාධා පැමිණවීම යහපාලනය සම්බන්ධව ඇති විශ්වාසය බිඳ දැමීමක් බවද ඔවුන් සඳහන් කරයි.

පසුගිය සමයේ අඛණ්ඩව මහරාජා මාධ්‍ය ජාලය අග්‍රාමාත්‍යවරයා විවේචනය කල බවත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දරාගත නොහැකි ආකාරයට එල්ලවූ ඒ මාධ්‍ය ප්‍රහාරය ඉවසා ගන්නට තරම් හික්මීමක් ඔහුට තිබු බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙවැනි සිල්ලර කටයුතු හේතුවෙන් සිදුවන්නේ මිනීමරු රෙජීමයක් වෙත බන්දේසියක තබා පාලනය භාරදෙන පසුබිමක් නිර්මාණය වීම බවත් තමන්ද මැදිහත්ව පත්කරගත් පාලනයක් මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන තමන් TNL පාලනාධිකාරියට සහ එහි කාර්ය මණ්ඩලයට කණගාටුව ප්‍රකාශ කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

TNL  හී විකාශන කටයුතු අත්හිටුවීම සම්බන්ධව ඊයේ (05) පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කෙරුණු අතර එහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇත්තේ මතුව ඇති තත්ත්වය සම්බන්ධව සොයාබලා පාර්ලිමේන්තුවට දන්වන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න