ගෝඨාගේ නඩුවෙන් විනිසුරන් ඉවත් වුනේ 'මොන බිය නිසා ද'? - රාජිත අසයි

 ගෝඨාගේ නඩුවෙන් විනිසුරන් ඉවත් වුනේ 'මොන බිය නිසා ද'? - රාජිත අසයි

''ලෝකයේ නඩුවක් විභාග කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් විනිසුරුවරුන් ඉවත් වුනේ කියුබාවේ සිටි මාෆියා නායකයා අධිකරණයට ගෙන එන විටයි'' - ඇමති රාජිත 

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාවූ ගෝඨාභය රාජපක්ෂගේ  නඩු විභාගයෙන් විනිසුරන් හතර දෙනෙකු ඉවත් වුයේ මොන බිය නිසා දැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  විමසා සිටියි.

ඊයේ (07)  බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ පැවති දුම්කොළ විරෝධී ජාතික දින උත්සවය අමතමින් එබව විමසා සිටි ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

''හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඊලග නඩු විභාගය නොවැම්බර් මාසය දක්වා කල් දමලා. විනිසුරුවරුන් 04 දෙනෙකු නඩු විභාගයෙන් ඉවත් වෙලා. නමුත් ලෝකයේ නඩුවක් විභාග කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් විනිසුරුවරුන් ඉවත් වුනේ ඒ රටේ  සිටි මාෆියා නායකයා අධිකරණයට ගෙන එන විටයි. එලෙස ඉවත් වුයේ මරණ බිය හේතුවෙන්. නමුත් අපේ රටේ විනිසුරුවරුන් 04 ක් ඉවත් වුනේ මොන බිය නිසා ද? එයයි යථාර්ථය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න