සුදර්ශනීට ජන්දය දෙන්න : මෛත්‍රී ජනාධිපතිත් දැනුම් දුන්නා - ඩිලාන්

සුදර්ශනීට ජන්දය දෙන්න : මෛත්‍රී ජනාධිපතිත් දැනුම් දුන්නා - ඩිලාන්

පසුගියදා පැවති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තෝරාගැනීම සඳහා වූ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙනුවෙන් ජන්දය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බව මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ඊයේ (7) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර ඇතැමුන් ජනාධිපතිවරයාගේ දැනුම්දීම අනුව කටයුතු කළ අතර තවත් පිරිසක් එය මඟහැරී බවද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් ආණ්ඩුවට රතු එළියක් දන්වන්නට තිබු අවස්ථාව අහිමිවූ බවද ඔහු පැවසීය.

මේ අතර දුමින්ද දිසානායක අමාත්‍යවරයා සම්බන්ධවද එහිදී අදහස් පළවූ අතර දුමින්ද අමාත්‍යවරයාට ශ්‍රීලනිප ජාතික සංවිධායකධුරය ලබාදීම උඩ විසිවෙන්න පයින් ගැසීමක් බවත් තවදුරටත් දැඟලුවහොත් එම ධුරයද ඔහුට අහිමිවිය හැකි බව මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න