"ළමයින් උස්සන" පොහොට්ටු මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙකු සොයාගෙන

"ළමයින් උස්සන" පොහොට්ටු මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙකු සොයාගෙන

නුවරඑළිය, පෝර්ට්මොර් වත්ත අගරපතන ප්‍රදේශයේදී දැරියක පැහැරගෙන යෑමේ චෝදනාවට ලක්වූ ලිඳුල නාගරික මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී තවත් දරුවෙකු ඊයේ (07) සොයාගෙන ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි.

පෝර්ට්මොර් වත්ත අගරපතන ප්‍රදේශයේදී  2017 වර්ෂයේ වයස අවුරුදු 05ක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකීණිමට අදාළව පසුගියදා ලිඳුල නගරාධිපතිවරයා සහ එහි නාගරික මන්ත්‍රීවරයෙකු  අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර කළ අතර මෙම සිද්ධියට අදාළ නාගරික මන්ත්‍රීවරයාගේ  නිවසේ සිටියදී ඊයේ  (07) තවත් වයස අවුරුදු 11ක පිරිමි දරුවෙකු නුවරඑළිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මොවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජයනය කරන සී.බී . රත්නායක මන්ත්‍රීවරයාගේ ළඟම ගෝලයින් බවද අනාවරණය වී ඇත.

ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව නුවරඑළිය පොලීසිය පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න