බැඳුම්කර නඩුව :රාජ්‍ය ඇමති මිලියන 3ක චෙක්පත් අරගෙන මාට්ටු

බැඳුම්කර නඩුව :රාජ්‍ය ඇමති මිලියන 3ක චෙක්පත් අරගෙන මාට්ටු

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වෙත අවස්ථා තුනකදී මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3 ක චෙක්පත් තුනක් ලබාදී ඇතැයි නිතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  හමුවේ සදහන් කර ඇත.

 ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු සදහන් කර තිබේ. 

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සැකකරුවන් ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමටද අධිකරණය නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න