රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) සඳහා ලංකා නාවික හමුදා කණ්ඩායමක් එක්වෙයි

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) සඳහා ලංකා නාවික හමුදා කණ්ඩායමක් එක්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘Rim of the Pacific’ (RIMPAC) - 2018  නාවික අභ්‍යාසයට සහභාගීවිම සඳහා ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද මහතා ඇතුළු නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 25 දෙනෙකු පසුගියද  ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.

මෙම අභ්‍යාසය හවායි සහ දකුණු කැලිෆෝනියා යන ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්වෙන අතර, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ඒකාබද්ධ  මෙහෙයුම් හා උපායශිලි සජිවි ක්ෂෙත්‍ර අභ්‍යාසයකි. 

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම පසුගිය මැයි 22 වන දින ඔස්ට්‍රේලියා රාජකීය නාවික හමුදාවට අයත් ඇඩිලේඩ් නෞකාව වෙත අනුයුක්ත වු අතර, අනතුරුව නෞකාව ජුනි මස 28 වන දින සිට අගෝස්තු 04 වන දින දක්වා හවායි දුපතේ  පැවැත්වෙන RIMPAC - 2018  සඳහා සහභාගීවිමට පිටත්ව යන ලදී.
තවද, පසුගිය ජුනි 02 වන දින ඔස්ට්‍රේලියාවේ පිහිටි ඔස්ට්‍රේලියා ටවුන්විල් හිදි ඔස්ට්‍රේලියා රාජකීය නාවික හමුදා මැරීන් බලකාසහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මැරින් බලකා සාමාජිකයින් සමඟ එක්ව සතියක ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනකට සහභිගිවන ලදී. එමෙන්ම ඇඩිලේඩ් නෞකාව හවායි බලා යාත්‍රා කරන අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම ෆීජි සහ ටොන්ගා යන දුපත්වල සංචාරය කිරීමට බලාපොරෝත්තු වන අතර, අනතුරුව ඔවුන් රැගත් ඇඩිලෙඩ් නෞකාව ජුනි 26 වන දින හවායි හි පිහිටි පර්ල් වරාය වෙත සේන්දුවිමට නියමිතව ඇත.2018 හි මෙවර තේමාව වන්නේ ‘හැකියාව, අනුවර්තනය හා හවුල්කරුවන්’ යන්නයි.  තවද, මෙවැනි සාගරික ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් විදේශිය මැරීන් බලකායන් සමඟ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් අපහට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.

  • {gallery}RIMPAC{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න