ශ්‍රී ලන්කන් එයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තම ඉල්ලා අස්වීමේ ලිපිය සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු වෙත බාරද දී ඇතැයි වාර්තා වේ.
සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (7) බාර දී ඇති අතර ශ්‍රී ලන්කන් එයාර් සමාගමේ සිදු කෙරෙන ප්‍රතිව්‍යුහ ගත කිරීම්වලට සහාය දීමක් ලෙසින් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කිරීමට මීට පෙරත් අජිත් ඩයස් ගේ සභාපතීත්වයෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබිණි. එහෙත් සුරේන් රත්වත්තේ අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.
ඉන්පසු මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරුණි.
එසේම කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවටද සුරේන් රත්වත්තේට චෝදනා එල්ල වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
