අද මහින්ද ගොබෙල්ස් න්‍යායට වැඩ - ඇමති මංගල 

අද මහින්ද ගොබෙල්ස් න්‍යායට වැඩ - ඇමති මංගල 

බොරුව නැවත නැවත කීමේ දී කාලයක් යනකොට එම බොරුව ඇත්ත බවට ජනතාව  විශ්වාස කරන බව ගොබෙල්ස් න්‍යාය දී ගොබෙල්ස් විශ්වාස කළ බවත්    කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රජපක්ෂ මන්ත්‍රීතුමාත් ගොබෙල්ස් න්‍යාය අනුව කටයුතු කරන්න තීන්දු කර ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

එදා රජයට විශාල පැසිස්ට්වාදී නැඹුරුවක් තිබුණ බවත් ඔවුන් ඒ  සංකල්පයන්ට බොහොම කැමැති  බවක් පෙනෙන අතර  විවාදයකට ඇරයුම් කළත් ඊට හෝ  උත්තරයක් දෙන්නවත් සූදානමක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (7) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් වන අතර මහින්ද රාජපක්ෂ  කවදාවත් නැතිව ජීවන වියදම වැඩි වෙලා කියා ගොබෙල්ස් න්‍යායෙන් කියන බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. පිටි එදා 97 යි අද රුපියල් 90යි. අල 104 එදා අද 89යි. අල 140 යි එදා අද 89යි . අද මිල් ආඩු වෙලා. පරිප්පු රු. 170.03 අද රු. 147.03යි. දැන් පොල් මිලත් දැන් අඩු වෙලා. දැන් රුපියල් 75 දක්වා අඩු වී තිබෙනවා. ගොවීන්ට අලාභයක් නොවෙන්න අවශ්‍ය සහන ආණ්ඩුවෙන් ලබාදී තිබෙනවා.

ජනතාව නොමඟ යවන සුළු කාරණා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා. එක සම්මුඛ සාකච්ඡාවකවත් සියයට  20%කි න් බදු අඩු කරන්නේ කොහොමද කියලා එතුමා විග්‍රහ කරලා නෑ. බදු අඩු කරන්න අඩු කරන්න, අනෙක්  පැත්තෙන් වක්‍ර බදු වැඩි කරන්න ඕන. ශ්‍රී ලංකාවේ තමයි වක්‍ර බදු සහ සෘජු බදු අනුපාතය වැඩිම රට. 

වසර 2015 වනවිට සෘජු බදු සියයට 18%යි ලබාගෙන තිබුණේ. මිලියන 21කින් සෘජු බදු ෆයිල් හාර ලක්ෂයයි තිබුනේ.කොටිපතියත්, දුප්පත් මිනිහත් දෙදෙනාම වක්‍ර බදු ගෙවනවා. මෙය රටක් හැටියට වෙනස් කළ යුතුයි. මේ බදු  අනුපාතය වෙනස් කරන්න නම් බදු අය කරන ප්‍රමාණය හා ගෙවන ප්‍රමාණය පුළුල් කළ යුතුයි. ගෙවනවට වඩා නොගෙවන අය දහ දොළොස් ගුණයක් ඉන්නවා.නව ආදායම්බදු පනත අප්‍රේල් 01 දා ආරම්භ කළ පසු පලමු මසයේ දී පමණක් අලුත් බදු ලිපි ගොනු 41000ක්  පළමු සති තුනක දී විවෘත කර තිබෙනවා. 2020 වනවිට බලාපොරොත්තු වනවිදියට ස්‍රජු බදු ප්‍රමාණය වැඩි  කළහොත් වැට් බද්ද සියයට 2.5කින්වත් අඩු කිරීමේ ඉලක්කය ඇතිවයි කටයුතු කරන්නේ. 1950 සිට අපේ රාජ්‍ය  ආදයම දෙස බැලුවොත් ආදායමට වඩා වියදම වැඩි වී තිබෙනවා. 2015 අයවැය හිඟය බිලියන 829.5ක්. මේ  වසරේ 675 දක්වා අඩු කරගන්න හැකිවෙයි කියලා සිතනවා. මේ කලය තුළ ලැබූ විශේෂ ජයග්‍රහනයක්. 

සර්  ජොන් කොතලාවල ආණ්ඩුවෙන් පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ප්‍රථමවරට වාර්තා කළේ පසුගිය 2017  දෙසැම්බර් මාසයේ . සියයට 20%කින් බදු අඩු කරනවා කිව්වා ම එතුමා කියන්නේ,සෘජු බදු අඩු කරනවා නම්  එතුමාට අනෙක් පත්තෙන් වක්‍ර බදු විශාල වශයෙන් වැඩි කරන්න සිදු වෙනවා.වැට් බද්දෙන් තමයි 2005 වනවිට මුළු ආදායමෙන් සියයට 41.02ක් ආවේ වට් බද්දෙන්.එය 2016 වනවිට 16.02  දක්වා අඩු කර තිබෙනවා.වැට් මත යැපෙන එක අඩු කර තිබෙනවා. 

2016 වනවිට සුරාබදු බද්ද මුළු ආදායමෙන්  සියයට 36කට වගකියනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සියයට 22යි තිබුණේ.විශේෂයෙන් ම සුරාබදු මෙහෙයුම්  කරලා වල් රා අඩු කරලා තිබෙනවා. එය අභියෝගයක්.බදු සංශෝධනය කරනවා. ඉතාමත් ම සංවේදී ආණ්ඩුවක්  හැටියට බදු සංශෝධනය කර තිබෙනවා. 18 පහළ දරුවනේ බදු අය කිරීම නැති කළා. කතෘවරුන්ගේ බද්ද  අඩුවක් කියල අප පිළිගත්තා. සංශෝධනයක් ඉදිරි සති කීපයේ දී ගෙන එනවා. ජනතාව නොමඟ යවන බොරු  කියන්නේ නැතිව බදු ගැන ප්‍රශ්නයක් තිබෙනව නම්, සාධරණ ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඉදිරිපත් කරන්න කියලා  මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමාට කියනවා. එදා කරු ජයසූරිය මන්ත්‍රීතුමා තොරතුරු දැනගැනීම පනත ගේනකොට,  එය පාර්ලිමේන්තුවට ගේන එකට විරුද්ධ  වුණා. ඒ අයටම අද තොරතුරු දැනගැනීමේ පිහිට පතන්න සිදු වෙලා තිබෙනවා.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න