ජාතික ආණ්ඩුව ගැන වලංගු දුමින්දගේ ප්‍රකාශයයි - අමරවීර

ජාතික ආණ්ඩුව ගැන වලංගු දුමින්දගේ ප්‍රකාශයයි - අමරවීර

ජාතික ආණ්ඩුව සම්බන්ධව වලංගු වන්නේ කවුරුවත් කියන කතා නොව ශ්‍රීලනිප ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසන දේ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කර තිබුණේ හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන ආකාරය සම්බන්ධව කටයුතු යොදමින් සිටින බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (7) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර ආණ්ඩුවෙන් මාසයකට කලින් ඉවත්වීම ගැන සලකා බලන බවට ශ්‍රීලනිප මහ ලේකම් සඳහන් කර ඇත්තේ භික්ෂුන් වහන්සේ නමක් සිදුකල විවේචනයක් නිසා බවත් ඒ හැර සත්‍ය කතාව වන්නේ පක්ෂයේ ජාතික සංවිධායක සිදුකල ප්‍රකාශය බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙහිදී මාධ්‍යවේදීන් පෙරලා ප්‍රශ්න කර සිටියේ ශ්‍රීලනිප මහ ලේකම් සිදුකරන ප්‍රකාශ වලංගු නැතිද කියාය. එහෙත් ඊට අමාත්‍යවරයා සිනාසුනා මිස පිළිතුරු දුන්නේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න