දරුවා බලන්න ගම්මන්පිලට : ඕස්ට්‍රේලියා යන්න අවසර

දරුවා බලන්න ගම්මන්පිලට : ඕස්ට්‍රේලියා යන්න අවසර

අසනීප වී සිටින සිය දරුවා බැලීම සඳහා විදෙස්ගත වීමට  අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහාධිකරණයෙන් කළ ඉල්ලීමට අවසර ලැබී ඇති බව වාර්තා වෙයි.

අදාළ ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි ප්‍රභාත් විසින් ගම්මන්පිල මන්ත්‍රීවරයාට  අද (08) සිට මාසයක කාලයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ගොස් දරුවාගේ  සුව දුක් බලා ඒමට  අවසර ලබා දී ඇත. මන්ත්‍රීවරයාට  එරෙහිව ඔස්ට්‍රේලියා ජාතිකයකුගෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට වු නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ  දරුවා  අනතුරකට ලක්ව ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් දරුවා බැලීමට යාම සඳහා අවසර ලබා දෙන්නැයි  ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ  නීතීඥවරයා අධිකරණය හමුවේ කළ ඉල්ලීම සලකා බලමින් විනිසුරුවරයා  මෙම නියෝගය නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න