මිහින් ලංකා ලියාපදිංචියේ : ගෝඨාගේ සෙල්ලමක් මාට්ටු !

මිහින් ලංකා ලියාපදිංචියේ : ගෝඨාගේ සෙල්ලමක් මාට්ටු !

මිහින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය නීතිගත සමාගමක් බවට පත්කරන්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ දෝෂ සහිත ආකෘති පත්‍රය ලැබී දින හතරක් ඇතුළතදී එවකට සිටි සමාගම් රෙජිස්ට්‍රාර්වරයා එය නීතිගත කර ඇතැයි ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදී ඊයේ (7) අනාවරණය වී ඇත.

එසේම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආකෘති පත්‍රය නීතිගත සමාගමක් බවට පත්කළ ලේඛනය භාරගත් පුද්ගලයාගේ නම හෝ හැඳුනුම්පත් අංකය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු ලේඛනයේ සඳහන් වී නොමැති බවද එහිදී අනාවරණය වී ඇත.

තවද  වාර්තා වන ආකාරයට එහි  අත්සනක් පමණක් සඳහන්ව තිබෙන බව  කොමිසම ඉදිරියේ අනාවරණය වී ඇති අතර අදාළ ආකෘති පත්‍රය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන්නේ 2006 ඔක්තෝබර් 23 දා බවත් එය සමාගමක් බවට ලියාපදිංචි කර ලියාපදිංචි ලේඛන භාරදී තිබෙන්නේ 2006 ඔක්තෝබර්  27 දා බවත් අනාවරණය වී ඇත.

සමාගමේ කොටස්කරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම් පුංචිබණ්ඩා ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් මහේෂ් ගුණතිල,ක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සජින් ද වාස් ගුණවර්ධන යන අය නම්කර ඇත.

මීට අමතරව  රුපියල් මිලියන 500 ක නාමික ප්‍රාග්ධනයක් යොදා සමාගම ආරම්භ කර ඇති අතර ඉහත කී කොටස්කරුවන් සිව්දෙනාට එක කොටස බැගින් කොටස් හිමිවී තිබුණ බවත් කොමිසම ඉදිරියේ වැඩිදුරටත් හෙළිදරව්වී ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න