ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්න ගෝඨා ඉල්ලීමක් කර නැහැ 

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්න ගෝඨා ඉල්ලීමක් කර නැහැ 

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් කිසිඳු ඉල්ලීමක් කර නැතැයි තානාපති කාර්යාල ආරංචිමාර්ග අවධාරණය කර සිටියි.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා අස්කර ගැනීමට ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී විදෙස් තානාපති නිලධාරියකු ඒ බව සඳහන් කළේය.

ඇමෙරිකානු පුරවැසිකමට අදාළ නීතිය වන  Immigration and Nationality Act of 1952 නොහොත් 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනත යටතේ එරට පුරවැසිභාවය ලබාගෙන ඇති සාමාන්‍ය පුද්ගලයකු එම පනතේ 349(ඒ)(5) වගන්තිය යටතේ පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉල්ලීමක් කළහොත් සති කිහිපයක් තුලදී එකී ඉල්ලීම ඉටුකර ගතහැකි වුවද, එසේ ඉල්ලීම කරන පුද්ගලයා එරට විශාල වත්කම් රැසකට හිමිකම් කියන අයකු වේනම් ඔහුගේ හෝ ඇයගේ බදු ගෙවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කිරීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි අපවෙත තොරතුරු ලබාදුන් නිලධාරියා කියා සිටියේය.

එසේම එම නිලධාරියා වැඩිදුරත් පැවසුයේ, එසේ පුරවැසිකම ඉවත්කර ගැනීමට ඉල්ලීම් කරන තැනැත්තා මානව හිමිකම් කඩකිරීම් හා බරපතල අපරධ සිදුකල අයකු බවට චෝදනා එල්ලවුවකු වේනම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මාස ගණනක් වුවද යාහැකිබවයි.

කෙසේවුවද පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී, ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳව නීතිමය තත්වය පැහැදිලි කරමින් කියා සිටියේ, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය ඇමෙරිකානු පුරවැසිභාවය බාධාවක් නොවන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න