රංගජීව සහ ඔහුට වෙඩි තැබූ ලොකු පැටියා එකම රෝහලේ !

රංගජීව සහ ඔහුට වෙඩි තැබූ ලොකු පැටියා එකම රෝහලේ !

පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව  වෙත පිළියන්දල ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකපිට බන්ධනාගාර ගතකර සිටින පාතාල සාමාජිකයකු බන්ධනාගාර ජේලර් වරුන්ගේ පහරදීමකට ලක්ව බන්ධනාගාර රෝහලට ඇතුළත්කර  ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන  ආකාරයට  සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටියා නම් පාතාල සාමාජිකයා මෙසේ ප්‍රහාරයට ලක්ව ඇති අතර අදාළ පහරදීම සඳහා ජේලර්වරුන් 20ක් පමණ සම්බන්ධ බවද දැනගන්නට ඇත.

මෙසේ පහරකෑමට ලක්වූ පාතාල සාමාජිකයා මේ වන විට ඇතුලත් කර සිටින රෝහලේම  වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව ද ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම වෙනුවෙන් අප බන්ධනාගාර ප්‍රධානීන් ඇමතීමට උත්සාහ කලත් එය සාර්ථක වුයේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න