අද නියෝජ්‍ය අමාත්‍යධුර ලබන එජාප පසුපෙළ 6 මෙන්න !

අද නියෝජ්‍ය අමාත්‍යධුර ලබන එජාප පසුපෙළ 6 මෙන්න !

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකු අද (12) පෙරවරු 9.00 ට   නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස   ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර මහතා දිවුරුම් දෙන අතර , ලකී ජයවර්ධන මහතා කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ,  අජිත් මාන්නප්පෙරුම මහතා මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් , රංජිත් අලුවිහාරේ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් . එඩ්වඩ් ගුණසේකර මහතා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දීමට නියමිතය.

එමෙන්ම කලක් තිස්සේ කිසිදු අමාත්‍යධූරයක් නොලැබුණ බුද්ධික පතිරණ මහතාට මෙවර වෙළඳ වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවිරුම් දීමට නියමිත අතර ඒ මහතා විදේශගතව සිටින බැවින් එම  නියෝජ්‍ය අමාත්‍යධූරය පසුව දිව්රුම් දෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න