තැපෑල කොටඋඩ !

තැපෑල කොටඋඩ !

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කටයුතු අඩාල වී ඇති බව තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර  සඳහන් කර සිටින්නේ පසුගිය 11 වනදා පස්වරු 4.00ට ආරම්භ කළ වැඩ වර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ සහය හිමිව ඇති බවය. සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පියවර ගෙන ඇති අතර සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බවද ඔවුන්  සඳහන් කරයි.

කෙසේවෙතත්  තැපැල්  අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සඳහන් කරන්නේ  තැපැල් සේවකයින්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න