අද(12) මධ්‍යම රාත්‍රීයේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යක විජිත් විජයමුණි සොයිසා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව රුපියල් 101ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කෙරෙනු ඇති.
මෙම මිල අඩුකිරීමට ධීවර වෘත්තීය සමිතිවල ද එකඟතාව පල වි තිබේ.
ඊයේ(11) පස්වරුවේ ධීවර වෘත්තීය සමිති නියෝජිතයින් සහ ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අතර පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
