ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මිලදී ගෙන පාවිච්චි නොකළ රුපියල් මිලියන 239 පමණ වටිනා මැෂින් තුවක්කු හා මිලියන 50ක් පමණ වටිනා ගුවන් යානා නාශක තුවක්කුවක් ඇති බව විගණනයේ දී හෙළිව තිබේ.
1995-1997 කාල පරිච්ජේදයේ දී මිලට ගෙන ඇති මැෂින් තුවක්කු (Machine gun) 10ක් හා ගුවන් යානා නාශක අවියක් (Anti-aircraft) මෙසේ භාවිතා නොකළ හැකි තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ.
එම ගිනි අවි පරීක්ෂණ මණ්ඩලයක නිර්දේශ ලබා ගෙන පරිහරණය කිරීමට කටයුතු නොකර ගබඩා කර තිබී ඇත.
ඊට අමතරව 1999 දී ස්ටලින් පවුම් මිලියන 2.03ක් ගෙවා මිලට ගත් නෞකාවක් වර්ෂ තුනක සිට වයඹ නාවික විධානයේ නැංගුරම් ලා ඇති බව ද හෙළිව තිබේ.
(සත්හඬ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
