'ප්‍රේමදාස හොදයි- රනිල් ඉන්නකන් එජාපයට යන්නේ නැහැ' - ජානිපෙ මන්ත්‍රී

'ප්‍රේමදාස හොදයි- රනිල් ඉන්නකන් එජාපයට යන්නේ නැහැ' - ජානිපෙ මන්ත්‍රී

තමන් එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බවට පසුගිය දින කිහිපයේම පලවී තිබු වාර්තා අසත්‍ය බවත්, තමන් කිසිසේත්ම වත්මන් එක්සත් ජාතික පක්‍ෂය නායකත්වය යටතේ දක්නට නොලැබෙනු ඇති බව විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේම්රත්න මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂ පාලන ඉතිහාසයේ දුප්පත් මිනිසුන්ට සෙතක් සිදුවුයේ ප්‍රේමදාස පාලන සමයේදී පමණක් බවද ඔහු කියා සිටියේය.

මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු නිරෝෂන් ප්‍රේම්රත්න මහතා එබව කියා සිටියේ, ජාතික නිදහස් පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 විමල් දාල යන්නේ නැහැ :

 එහිදී අදහස් පල කල ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පක්‍ෂයෙන් ඉවත්ව යන බවටත්, ඉන් පසු තම පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඉතිරි වන්නේ විමල් වීරවංශ මහතා පමණක් බවටත් මාධ්‍ය වාර්තා පලව තිබීම තම පක්‍ෂයට එරෙහි අවලාද මෙහෙයුමකට කොටසක් බව සඳහන් කළේය.

ප්‍රතිපත්තිමය කරුණු මත තම පක්ෂය ඕනෑම පක්ෂයක් සමග එක්වීමට සුදානම් බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

වීඩියෝ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න