ප්‍රශ්න අවසන් : දෙමළ ජාතික සන්ධානය නිවස ලකුණින් මැතිවරණයට

ප්‍රශ්න අවසන් : දෙමළ ජාතික සන්ධානය නිවස ලකුණින් මැතිවරණයට

දෙමළ ජාතික සන්ධානයේ පැවති ගැටළු සියල්ල සාකච්ඡා මාර්ගයෙන් විසන්දාගත් බවත් ඒ අනුව ඉදිරි පළාත් පාලන ජන්දයේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ “නිවස”ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම. කේ. සිවාජිලිංගම් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පළාත් පාලන ජන්දයේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි, ප්ලොට් හා ටෙලෝ පක්ෂ සියල්ල ඒකාබද්ධව උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට නියමිතව ඇත.

විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ(09) පැවැත්වු මෙම සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

දෙමළ ජාතික සන්ධානය තුළ තිබු ගැටළු විසඳාගෙන ඇති බැවින් තම පාර්ශවයට ශක්තිමත්ව මැතිවරණයට මුහුණදීමේ හැකියාව නැවත ලැබී ඇති බවත් ඒ හමුවේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කුමන සන්ධාන බිහිවුවද තම ජයග‍්‍රාහණය වළක්වාලීමට ඒ කිසිඳු පාර්ශවයකට හැකියාවක් නොමැති බව සාකච්ඡාවේ සාර්ථකත්වය සඳහන් කරමින් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න