ශ්‍රී ලංකා නාවික හමුදාවට 67 යි: අභිමානයෙන් සමරයි !

ශ්‍රී ලංකා නාවික හමුදාවට 67 යි: අභිමානයෙන් සමරයි !

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය දෙසැම්බර් 9 වනදාට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් නාවික හමුදාධිපති, වයිස්අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කර තිබිණ.

පසුගිය ‍නොවැම්බර් මස 21 වන දින අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අභියස පැවති නාවික ධජයන්ට සෙත්පැතීමේ ධජ පූජාව සහ කප්රුක් පූජාව සමගින් ආරම්භ කරන ලද ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා‍ දෙව් මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොටහේන, පොන්නම්බලවානේශ්වරම් හින්දු කෝවිලේදී ද පැවැත්විණ.

එසේම දෙසැම්බර් 8,9 යන දෙදින පැවැත්වුණු සමරු වැඩසටහන් මෙම අවස්ථාවන් සඳහා ‍නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍ය රණසිංහ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රෝසයිරෝ, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද එක්ව සිටියහ.

{gallery}navy_67{/gallery}

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න