ශ්‍රීයානි ගියෙත් බැසිල් නිසා - එකාබද්ධයේ නායකයින් තීන්දුවක් ගන්න සාකච්ඡා

ශ්‍රීයානි ගියෙත් බැසිල් නිසා - එකාබද්ධයේ නායකයින් තීන්දුවක් ගන්න සාකච්ඡා

බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික හැසිරීමට එරෙහිව තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් නිල වශයෙන් සාකච්ඡා අරඹා ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය කාලයක පටන් බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික දේශපාලන තීන්දු සම්බන්ධව මහින්ද රාජපක්ෂ වෙත පැමිණිලි කළත් ඊට අදාළව යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මහජන එක්සත් පෙරමුණ ඇතුළුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් මෙම තීන්දුව ගෙන ඇත.

එහිදී බැසිල් රාජපක්ෂ සුක්ෂම ආකාරයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ දුර්වල කිරීමේ සැලසුමක් දියත්කර තිබීමත් එය දේශපාලනය තුළ තමන්ගේ කේවල් කිරීමේ හැකියාව දුර්වල කරන අවදානම් තත්ත්වයක් ලෙස පක්ෂ නායකයන්ගේ අවධානය යොමුව ඇත.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන් තිදෙනෙකු සහ ක්‍රියාකාරී දේශපාලන සාමාජිකයන් රාශියක් මේ වන විට එම පක්ෂය අතහැර දැමීමට හේතු වුයේ බැසිල් රාජපක්ෂගේ ක්‍රියා බවත් දිනේශ ගුණවර්ධන හැරුණු විට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කල එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වූ ශ්‍රියානි විජේවික්‍රම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම තීරණය කරන තැනට වැඩකටයුතු සිදුකළේද බැසිල් බව සාකච්ඡාවට මුල්වී සිටින පක්ෂ නායකයින්ගේ අදහස වී තිබේ.

වාර්තා වන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර ඇත.

එසේම සාකච්ඡාවේ අවසන් තීරණයක් ගන්නා තුරු මේ වන විටත් සකස් වෙමින් පවතින පළාත් පාලන නාමයෝජනා ලැයිස්තු සඳහා තම පක්ෂ සාමාජිකයන් සාධාරණ ප්‍රමාණයක් ඇතුලත් කර ගැනීම වෙනුවෙන් තදින් පෙනී සිටීමත් ඒ සඳහා පක්ෂ භේදයකින් තොරව මැදිහත්වීමටද ඔවුන් තීරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න