සන්ධානය පොළොන්නරුවට 'අත' ලකුණින්!

සන්ධානය පොළොන්නරුවට 'අත' ලකුණින්!

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ පොදුජන පෙරමුණ එක්ව තරඟ කිරීමට පැවති අවසන් සාකච්ඡාව බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය 'බුලත් කොළයෙන්' තරඟ කිරීමට තීරණය කර තිබේ.

එහිදී පොලොන්නරුව, අනුරාධපුරය හා ගම්පහ දිස්ත්‍රීක්ක වලට 'අත' ලකුණින් තරඟ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර තිබේ.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා තොන්ඩමන් මහතාගේ පක්ෂයේ 'කුකුලා' ලකුණ යටතේද නැගෙනහිරට අතාවුල්ලගේ පක්ෂය යටතේද තරඟ වැදීමට තීරණය කර තිබේ.

 බැසිල් නැගෙනහිරට බෝට්ටුවෙන් :Cartoon ship clipart kid

 ඒ අතර මල් පොහොට්ටුවෙන්ද තරග වැදීම සඳහා අවසන් තීරණය ගෙන ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ, නැඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා කරුණා අම්මාන් මහතාගේ පක්ෂයේ "බෝට්ටුව" ලකුණෙන්ද තරග කිරීමට තීරණය කර තිබේ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න