අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තීන්දු කරන්නෙත් පැලවත්ත කාර්යාලයෙන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තීන්දු කරන්නෙත් පැලවත්ත කාර්යාලයෙන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු විය යුත්තේ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර වුව ද අද ඒ සියල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයේ කැමැත්ත මත සිදු වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ [13] සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාස භංගය ඉදිරියටත් ගෙන යනවා

''රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතළ ඛේදවාචකයක් සිදුව තිබෙනවා. නිදහස් අධ්‍යාපනය කන්නන්ගර ප්‍රතිපත්ති රැකෙන, ලෝකයට උචිත අපේකම ද රැකෙන, නව ලෝකයේ ප්‍රවණතා සමග ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරනවා කියා රජය අපේ අධ්‍යාපන ක්‍රමය අසභ්‍ය කරණයට ලක් කරලා. අප රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සිවිල් සංවිධානය ප්‍රගතිශීලි බලවේග ආදිය එකට එක්ව ක්‍රියාත්මක කරන්න නායකත්වය ලබා දෙනවා. අවුරුද්දකට ප්‍රතිසංස්කරණ කල් දැම්මා කියා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති බරපතල ගැටලුවලට විසඳුම් ලරටන්නෙ නැහැ. කවුරුවත් මේවාට විසඳුම් දන්නෙ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු විය යුත්තේ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා. නමුත් අද ඒ සියල්ල අතහැර පැලවත්ත පක්ෂ කාර්යාලයේ කැමැත්ත මත මේ දේවල් කරමින් අධ්‍යාපනය අසභ්‍ය කරණයට ලක් කරලා. අධ්‍යාපන අමාත්‍යවරිය ගේ විශ්වාස භංගය ඉදිරියටත් ගෙන යනවා.

අපි ළඟ ඔළුගෙඩි මාරු සෙල්ලම් නෑ

පක්ෂ සමග එකතු වන්නේ සාකච්ඡා කර මිස මාධ්‍ය නිවේදන හරහා නෙවයි. මේ වැඩපිළිවෙළ ඉදිරියට යන්නේ ඔළුගෙඩි සෙල්ලම් මත නෙවයි; ප්‍රතිපත්තිය එකඟතා අනුව යි. මේ සාකච්ඡා සාර්ථකත්වයකින් මෙය අවසන් කරන්න අපේක්ෂා කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න