සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කළ හැකි ද යන්න සැක සහිතයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කළ හැකි ද යන්න සැක සහිතයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ශීලාචාර මෙන් ම ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කිරීමට දෙමාපියන් කෙතරම් උත්සාහ කළ ද, අද රට යන දිශාව දෙස බලන විට: සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ තෝරගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ප්‍රකෘතිය වෙනුවට විකෘතියක්...

''අප රට පිට පිටම ඛේදවාචක හතරකට මුහුණ දී ඇති මොහොතක රටත් ජනතාවත් බරපතළ අභියෝග රැසකට මුහුණ දෙනවා. රටක් ලෙස අමාරු තැනක සිටියත් නිවැරදි දේ කළ යුතු යි. සැම දෙමාපියකු ගේ ම අපේක්ෂාව වන්නේ දරු සම්පත ආරක්ෂා කර නිසි රැකවරණය, මාර්ගෝපදේශකත්වය, නිවැරදි ගති පැවතුම් සහිත ශීලාචාර ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කරන්න. අද රට යන දිශාව දෙස බලන විට මේ කරන දේවල් තුළ සදාචාර ශිෂ්ටසම්පන්න උගත් බුද්ධිමත් දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවාද කියා ගැටලුවක් පවතිනවා. ආගම දහමට ලැබෙන මුල් තැන නැහැ. සුචරිතවත් ශීලාචාර ශීෂ්ටසම්පන්න ජන සමාජයක් ගොඩනගන්න ලෝකය ජයගත හැකි සුහුරු දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය විකෘති වෙලා. ප්‍රකෘතිය වෙනුවට විකෘතියත් නිවැරදි දේ වෙනුවට වැරදි දේත් සමත්භාවය වෙනුවට අසමත් භාවයත් ඉස්මතු වෙලා.

දරුවන්ට සුහුරු මෙවලම් පවා දිය යුත්තේ ආරක්ෂක ක්‍රමවේද අනුව යි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ: ගණිතය, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි, කලා, ඉංජිනේරු, වෛද්‍ය, රොබෝ තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය සේම ඉංග්‍රීසි භාෂා ඇතුළු ජාත්‍යන්තර භාෂා අධ්‍යාපනයට මුල් තැන දී ඉතිහාසය ද අනිවාර්ය විෂයක් වියයුතු යි. සැබැ දේශප්‍රේමය යනු සිංහල පමණයි කිය කියා යාම නෙවෙයි. ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සැමට ලබා දි ලෝකය ජය ගැනිමට යැවීම යි. මේ නිසා සමගි ජන බලවේගය සක්වළ සුහුරු පන්ති කාමර වැඩසටහන ක්‍රියාත්මක කළත් මුදලට වෛරය වපුරණ අය ලවා මේ වැඩසටහන විවේචනය කළා. එදා smart board දෙන විට විහිළු කරමින් මඩ ගැසු අය අද අධ්‍යාපන ක්‍රමයට අසභ්‍ය වෙබ් අඩවි ඇතුළත් කරලා. එදා අධ්‍යාපනයට අගයක් එක්කරද්දි විවේචනය අපහාසය කළ අය අද අධ්‍යාපනයට අසභ්‍ය දේවල් එක් කරනවා. මේ ක්‍රමයේ වෙනසක් කරනවා කියා බලයට පැමිණි වත්මන් රජයට රැවටෙන එක දැන්වත් නතර කරන්න. 2019ත් 2024 රැවටුණ නිසා තවදුරටත් මොවුන්ට රැවටෙන්න එපා. දේශපාලනය පසෙකලා දරුවන් ගැන සිතන්න. අසභ්‍යකරණය යනු ජනතාව දෙමාපියන් මහා සංඝරත්නය අපේක්ෂා කරන ක්‍රමයේ වෙනස නොවයි. දරුවන්ට සුහුරු මෙවලම් පවා දිය යුත්තෙ ද ආරක්ෂක ක්‍රමවේද අනුව යමින්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න