සිංහරාජ අලි මාරුව නවත්වා නැහැ - අමාත්‍ය සරත් ෆොන්සේකා

සිංහරාජ අලි මාරුව නවත්වා නැහැ - අමාත්‍ය සරත් ෆොන්සේකා

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බව වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීම වළක්වා ගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානයට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

එසේම ලෝක උරුමය රැකගන්නවා වගේම ඒ අවට ප්‍රදේශයේ සිටින ජනතාවද ආරක්ෂා කිරීමද  අනිවාර්යයෙන් සිදුකල යුතු බවද අමාත්‍යවරයා පවසයි. 

එසේම ලෝක උරුමයක් ලෙස සැළකෙන සිංහරාජ වනාන්තරය තුළ දැනට ඉතිරිව ඇත්තේ වන අලින් දෙදෙනෙක් පමණක් වන අතර මෙම වන අලි දෙදෙනාගෙන් අවට ගම්මානවල ජනතාවට පසුගිය වකවානුව තුළ සිදුවූ විවිධ හිරිහැර පිළිබඳ සැලකිල්ලට  ගනිමින් පසුගියදා පොතුපිටිය රජවත්ත විහාරස්ථානයේදී වනජීවී අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමකදී විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා  වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් රැගෙන යාමට ජනතාවට පොරොන්දු විය.

ඒ අනුව අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් රැගෙන යාම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඊයේ(14) මෙහෙයුමක් ආරම්භ වූ අතර මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතරතුර සිංහරාජ රක්ෂිතයේ සැරිසරන මෙම දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙසට ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවට වන නිවේදනයක් ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් විය.

ඒ යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදු වන්නේ නම් ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වනජීවි නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවය.

කෙසේ වුවත් විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා අද (15) සඳහන් කර සිටින්නේ අදාළ  අලි දෙදෙනා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න