ක්‍රිකට් හදන්න ඇමති කළ ඉල්ලීම : මුරලි, රොෂාන්, මහේල ප්‍රතික්ෂේප කරති !

ක්‍රිකට් හදන්න ඇමති කළ ඉල්ලීම : මුරලි, රොෂාන්, මහේල ප්‍රතික්ෂේප කරති !

ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස එක්වන ලෙස ලංකාව නියෝජනය කල සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු වෙතින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම  හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම සහ  මහේල ජයවර්ධන මේ වන විටත්  ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.
මුත්තයියා මුරලිදරන් සිය නිළ ෆේස්බුක් ගිණුමේ මෙසේ  සටහනක් තබමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

ooo1
රොෂාන් මහානාම අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්ය. එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ කමිටු පත් කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින ගැටලු විසඳීමට මූලිකව අවදානය යොමු කළ යුතු බවත් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි පවතින ගැටලු කිහිපයක් පිළිබඳ දින කිහිපයකට පෙර අමාත්‍යවරයා දැනුවත් කළ බවත්ය. එසේම එම ප්‍රශ්න විසඳන තුරු කිසිඳු දායකත්වයක් ලබාදිය නොහැකි බවද ඔහු පෙන්වාදී ඇත.

00002
මහේල ජයවර්ධන ද අමාත්‍යවරයාගේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, ඔහු ඒ ගැන  ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ලංකාවේ ක්‍රිකට් පද්ධතිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බවය.
0003
ක්‍රිකට් ආයතනයේ, උපදේශකවරුන් ලෙස එක්වන්නැයි අමාත්‍යවරයා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂන් මහානාමගෙන් පසුගිය දා අදාළ ඉල්ලීම සිදුකල අතර  ඒ අතරතුර දඟ පන්දු යවනන්ගේ පුහුණු උපදේශකයකු ලෙස සේවට පැමිණෙන ලෙස මුත්තයියා මුරලිදරන්ගෙන්ද ඉල්ලීමක් කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න