දෙමළ ජනතාවගෙන් උදුරාගත් අයිතිවාසිකම් ඔවුනට හිමිකර දෙන්නැයි බලකිරීම ජාතිවාදයක් වන්නේ කෙසේදැයි තමන් අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කර සිටින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.
උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ජාතිවාදියකු බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය හරහා ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ පවසා ඇති අතර යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරන්න ශක්තියක් නැතිව සිටි බවත් දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙ සටන් කරන සෑම අවස්ථාවකම දකුණෙන් මෙවන් විවේචන හා අදහස් මතුවෙන බවද ඔහු සඳහන් කර ඇත.
එසේම දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් ඉල්ලීම යනු රටේ බහුතර සිංහල ජනතාවට එරෙහි ස්ථාවරයක් නොවන බවත් නමුත් එය සිංහල ජනතාවට එරෙහි උත්සහායක් ලෙස සිතා සිටින පෙනෙන්නට ඇති බවද පවසා ඇත.
තවද දෙමළ ජනතාවගෙන් උදුරාගත් ඔවුන්ගේ අයිතිවාසිකම් යළි ඔවුන්ට යළි ලබාදිය යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
