පක්ෂයේ ප්‍රධානීන් එකිනෙකාට එරෙහිව එල්ලකර ගන්නා චෝදනා හේතුවෙන් මෙන්ම මේ වන විට පක්ෂයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධව දැඩි කළකිරීමක් ඇති බවත් එහෙයින් ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු රැස්වීමකට තමන් සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කර ඇත.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර අවස්ථා ගණනකදී ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනා කර සිටියත් මෙතෙක් ඒ සම්බන්ධව කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් ඉදිරියේද එවැන්නක් සිදුවෙතැයි අපේක්ෂා කල නොහැකි බවත් සඳහන් කර ඇත.
එසේම තමන් වසර 35ක් සේවය ලබාදුන් පක්ෂය වුවත් ආණ්ඩුවෙන් ඉවත්නොවී මේ කරන පක්ෂ ප්‍රතිසංවිධාන ගැනද කිසිඳු විශ්වාසයක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායමක් මේ වන විටත් විපක්ෂයට එකතුව සිටින නිසා තවදුරටත් කාලය නාස්ති නොකර විපක්ෂයේ කාර්යභාරය ඉටුකළ යුතු බවත්, දැනටමත් අවස්ථා 2 කදී ආණ්ඩුවට එරෙහිව ජන්දය භාවිතා කර ඇති බවද සිහිපත් කල අමාත්‍යවරයා ප්‍රතිසංවිධාන කියා ගනිමින් කකුල් දෙපස තබාගෙන සිටිනු වෙනුවට දැන් සිටවත් විපක්ෂයේ කාර්ය පමණක් කිරීමට කටයුතු කලයුතු බවද ඔහු පවසා ඇත.

