ITN අවුල හොයන්න හමුදාවත් හවුල් වෙයි

ITN අවුල හොයන්න හමුදාවත් හවුල් වෙයි

අද (16) උදෑසන ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළ ගැස්ම අර්බුදයට පත්ව  අත්හිටුවන්නට සිදුවීම සම්බන්ධව විශේෂ විමර්ශනයක් දියත්කර ඇති වාර්තා වෙයි.

පැයක පමණ කාලයක් විකාශය කටයුතු ඇනහිටී මෙම සිදුවීම සම්බන්ධව ආයතන මට්ටමින් මෙන්ම  යුදහමුදාවේ ශ්‍රී ලංකා සංඥා බලකාය (ශ්‍රීලංසංබ- (Sri Lanka Signals Corp))  හරහාද මෙම විමර්ශනය සිදුකරන බවත්  අදාළ සිදුවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතිනම් කාර්මික දෝෂයක්ද  විමර්ශනයේ  අපේක්ෂාව බවත්  දැනගන්නට ඇත.

 1979 දී ආරම්භ කරන ලද මෙම රූපවාහිනී නාලිකාවේ දෛනික වැඩසටහන් විකාශය කර ගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න