ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමට ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන ලැයිස්තුව යටතේ තරග කිරීමට අවස්ථාව ලබාදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න සඳහන් කරයි.
ඒ අනුව තම කණ්ඩායම ඉදිරියේදී ශ්‍රීලනිප විකල්ප කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පුළුල් සන්ධානයකින් තරග කිරීමට අපේක්ෂා කරන බවත් එසේ නොකළහොත් 16 කණ්ඩායම දේශපාලන වශයෙන් අතරමංවීමේ අවධානමක් ඇති බවද ඔහු පවසා ඇත.
මේ පිළිබඳ හිටපු ජනාධිපතිවරයා සමඟ ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇති අතර ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට නම් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත යුතු බවට එම පාර්ශවයේ ඇතැමුන් සඳහන් කළත් පුළුල් සන්ධානයක් ලෙස ඉදිරිපත් වන බැවින් එවැන්නක් අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කර තිබේ.

