සුන්දර නුවරඑළියට මල්තුහින

සුන්දර නුවරඑළියට මල්තුහින

උදෑසන කාලයේ පවතින සීත කාලගුණය හේතුවෙන් අද (24) දිනයේ ද නුවරඑළියේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ද පවසා සිටියේ, දිවයිනේ අවම උෂ්ණත්වය අදත් නුවරඑළියෙන් වාර්තා වූ බවයි.

ඒ අනුව නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් සෙල්සියස් අංශක 7.8ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවල ඝන මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද බාධා ඇතිව තිබුණු අතර විශේෂයෙන් හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම  මීදුම් තත්ත්වය වැඩි වශයෙන් පවතී.

ඒ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනයේ දී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

619282247 1206184161702063 6690862765249292982 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න