රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර හමුවක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර හමුවක්

මේ වන විට රෝගී සත්කාර සේවාවන් සැපයීමේදි සියලු ශ්‍රේණි සහ කාණ්ඩ වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විවිධ අපහසුතා, දුෂ්කරතා සහ අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වී ඇති බවත්, එවන් අභියෝගාත්මක පරිසරයක් තුළ වුව ද තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගැටලු විසඳිමෙහිලා රජයේ සහ වගකිවයුත්තන්ගේ අවධානය හෝ ප්‍රමුඛතාව නොලැබිම අවාසනාවන්ත තත්ත්වයක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගනිමින් රෝගී ජනතාව ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති පොදු එකමුතුවක් ලෙස ඉදිරියට කටයුතු කිරීමට සුදානම් බව අවධරණය කරන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් ඒද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න