‘‘ජාතික ජනමාධ්‍ය වේදිකාව’’ විසින් පැවැත් වූ ‘‘කළු ජනවාරියේ ඒකාබද්ධ හඩ’’ පසුගිය දා මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ දී මාධ්‍ය සංවිධාන 23ක නියෝජිතයින්ගෙන් සහ සමාජ මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන් පිරිසක ගේ සහභාගීත්වයෙන් පැවැත්වී ය.
යුක්තිය ලබා ගැනීම වෙනුවෙන්...
මෙහි අරමුණ වූයේ උතුර, දකුණ, නැගෙනහිර, බටහිර සහ කඳුකරයේ ඇති සියලු ම මාධ්‍ය සංවිධාන එක වේදිකාවකට ගෙන එමින්: මරා දැමූ, අතුරුදන් කළ සහ පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදීන් සහ ගිනි තැබූ මාධ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් යුක්තිය ලබා ගැනීම ය. එහි දී එකී යුක්තිය ලබා ගැනීම වෙනුවෙන්:
විවිධ අරමුණු පසෙක ලා එක වේදිකාවකට ගොඩ වෙමු
මෙම මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘‘ජනමාධ්‍ය සමාජය’’ ඒකාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා සභාව අමතමින් කියා සිටියේ විවිධ අරමුණු සහ න්‍යාය පත‍්‍ර තිබුණ ද අඩුම තරමින් යුක්තිය අහිමි වූ මාධ්‍යෙව්දීන් වෙනුවෙන්වත් අපි සියල්ලන්ට එකම වේදිකාවට එක් වීමට හැකි බවත්, එමගින් ජනමාධ්‍ය සමාජයක් ලෙස අපට පොදු සතුරන්ට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට හැකි බවත් ය.
මෙම වැඩසටහනට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිදු ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග, සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමා, ශ‍්‍රී ලංකා වෘත්තීය යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ සංගමයේ සභාපති ශ‍්‍රී නිශ්ශංක මායාදුන්නේ, වතු කම්කරුවන්ගේ ප‍්‍රජා මාධ්‍ය සංසදයේ ජාතික සංවිධායක විනොද් සුන්දර් ද අදහස් දැක්වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
