රාජපක්ෂලාගේ නඩු : ලෙඩ නිසා කල්යයි !

රාජපක්ෂලාගේ නඩු : ලෙඩ නිසා කල්යයි !

රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක්  ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට   එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ   සාක්ෂි විභාගය  ජූලි මස 10  වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද (18) නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර ඇත්තේ  නඩුවේ විත්තිකාරියක වන සුජානි බෝගොල්ලාගම නැමැත්තියගේ  දරුවා ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම නිසා එම නඩු විභාගය  කල්තබන මෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණයෙන් සිදුකල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්ය.

එසේම මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව  මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න