මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂධූරයේ රාජකාරී ආවරණය කළ චාල්ස් නුගවෙල සිදුකළ නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අවස්ථා කීපයක දී ම පැමිණිලි කිරීමෙන් අනතුරුව 2026 ජනවාරි මාසයේ සිදු කළ අවසන් පැමිණිල්ලට අනුව මූලික විනය පරීක්‍ෂණයක් පැවැත් වූයේ ය.
එහි නිර්දේශවලට අනුව සෞඛ්‍ය ලේකම්වරයා විසින් ස්ථාන මාරු නියෝගයක් නිකුත් කරන ලදී.
නිලධාරීන් ද සහය දෙයි
මේ වන විට ඔහු, එම ස්ථාන මාරු නියෝගය අනුව කටයුතු නොකරමින් හෝ වෙනයම් ක්‍රමයකින් නැවතත් වාරයක් මාලිගාවත්ත වකුගඩු රෝහලට ම අනියුක්ත වීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. එමෙන් ම මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ම නිලධාරීන් කිහිප දෙනෙක් ම මැදිහත් වී කටයුතු කරන බවට ද වාර්තා වී තිබේ.
ඇමතිවරයාට, නියෝජ්‍ය ඇමතිවරයාට සහ ලේකම්වරයාට දෝෂාරෝපණ
මෙම තත්ත්වයට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සඳහා විවිධ පුද්ගලයින් හරහා මාධ්‍ය ප්‍රකාශන තුළින් ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම ලේකම්වරයාට මේ පිළිබඳව දෝෂාරෝපණ එල්ල කිරීමට කටයුතු කරමින් සිටී. එම ප්‍රකාශනවලට අනුව ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු ලේකම්වරයා විසින් අනීතිකව සහ රෝහල් බිඳවැට්ටවීමට කටයුතු කරතැයි චෝදනා කරමින් සිටී.
තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයකින් සිටින්න
මේ සියලු චෝදනාවන් අසත්‍ය වන අතර ඇමතිවරයා, නියෝජ් ඇමතිවරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයායා විසින් කිසිදු අනීතික ක්‍රියාවක් සිදුකර නොමැත. වසර 2ට වැඩි කාලයක් තිස්සේ අනීතික සහ නීති විරෝධී ආකාරයෙන් කටයුතු කළ චාල්ස් නුගවලට එරෙහිව ලිඛිත පැමිණිලි තිබිය දී කිසිදු විනය පරීක්ෂණයක් ආරම්භ නොකළ පසුබිමක ඉහත නිලධාරීන් විසින් එය නිසි පරිදි සිදු කරන ලෙස උපදෙස් ලබාදීම පමණක් සිදු කර නීතිය සාධාරණව ඉටුකිරීමට කටයුතු කර ඇත. මෙම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයකින් සිටින ලෙස සෞඛ්‍යවරයාගෙන්, නියෝජ්‍ය මැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් සංගමයක් වශයෙන් අප ඉල්ලා සිටින අතර යම් හෙයකින් මෙම තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළහොත් නැවත ක්ෂණික ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණය වීමට සිදුවන බව දන්වා සිටී.
චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

