ලලිත් කූගන් නඩුවට ඔන්ලයින් සාක්ෂි දෙන්න ගෝඨාභය සූදානම්

ලලිත් කූගන් නඩුවට ඔන්ලයින් සාක්ෂි දෙන්න ගෝඨාභය සූදානම්

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් යාපනයට පැමිණිය නොහැකි බැවින් 2011 වර්ෂයේදී යාපනයේදී අතුරුදන් කළ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරිරාජ් සහ කුගන් මුරුගානන්දන්ගේ අතුරුදහන් කිරීමට අදාළ නඩුවේ සාක්ෂි ලබා දීම ඔන්ලයින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබා දිමට අවසර ඉල්ලා  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

පෙබරවාරි 06 වන දින ගෝඨාභය රාජපක්ෂ මේ බව දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් දැනුම් දී ඇත. ඔහුගේ ඉල්ලීමට අදාළව නඩුවේ අනෙක් පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් සලකා බැලීම සඳහා අධිකරණය විසින් මාර්තු මස 06 වන දින නඩුව නැවත කැඳවීමට නියම කර ඇත.

2011 දෙසැම්බර් 10 වන දින යාපනයේ පැවැත්වීමට නියමිතව තිබුණු  ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී යාපනය ප්‍රදේශයේදී ලලිත් කුමාර් සහ කුගන් මුරුගනාදන් යන අය අතුරුදහන් වූ අතර එම කාලවකවානුව අතරතුරු ගේඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කටයුතු කර තිබිණි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂව ලලිත් – කූගන් අතුරුදහන් කරවීමේ නඩුකරයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර තිබිණි.

තවද 2016 මැයි 13 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ලව  යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පවසා තිබුණේ  නිශ්චිත වශයෙන්ම ලලිත් සහ කූගන් මහත්වරුන්  2011 දෙසැම්බර් 15 වන විට  රජයේ ආරක්ෂක අංශ භාරයේ සිටි බවත්, එයින් පසු සිදු වූ දේවල් ගැන තමන්ට වගකීමක් නැති බවත්ය. ආරක්ෂක අංශවල ප්‍රධානීන් තමන්ට ලලිත් කුමාර් සහ කූගන් මුරුගානන්දන්ව අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් බවය.

අදාල නඩුවට සාක්ෂි ලබා දීම වසර ගණනාවක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ මඟහරිමින් සිට ඇති අතර ඔහුට ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාළ කරුණු 2026 පෙබරවාරි 06 වැනිදාට පෙර දිවුරුම් ප්‍රකාශක් මගින් අධිකරණයට  ඉදිරිපත් කරන ලෙස 2025 වර්ෂයේ දෙසැම්බර් 10 දින යාපනය මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන්ට නියෝග කර තිබිණි.

2019 අප්‍රේල් මාසයේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලිකව පෙනී සිට සාක්ෂි දෙන ලෙස මුලින්ම නියෝග කළද, 2019 වර්ෂයේ පැවැත්වූ ජනාධිපතිවරණයට මාස 4ක් තිබියදී, ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර, අගතියට පත් පාර්ශ්වයන් නොකැඳවාම නියෝගයක් ගෙන තිබිණි.

ඉන්පසුව පැමිණි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර උක්ත අභියාචනා නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී තිබිණී. ඒ ගෝඨාභය රාජපක්ෂ එවක ජනාධිපතිවරයා බැවින්, ඔහුට ජනාධිපති මුක්තිය තිබෙන බවය.

 

| Anidda

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න