විශේෂ අවශ්‍යතා අයට වෙනම බස් සේවයක්

විශේෂ අවශ්‍යතා අයට වෙනම බස් සේවයක්

නියමු ව්‍යාපෘතියක් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම්  සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

'ක්ලීන් ශ්‍රී ලංකා ' ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායු සමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබ ඇත.
 
ඒ අනුව, ඒ සඳහා බස් රථ 10 ක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමනු ලැබ ඇති අතර, 2026-03-15 දින වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතය.

එකී බස් රථ ධාවනය සහ නඩත්තුව සඳහා අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියවක් නොමැති බව පෙනී ගොස් තිබේ.
 
එබැවින් බස් රථ ප්‍රවාහනය නවීකරණය සඳහා වන මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස් රථ 100 ක් කොළඹ නාගරික ප්‍රදේශයේ  මගී ප්‍රවාහනය සඳහා යෙදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස, 2025-07-21 දින ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිතකරනු ලැබ ඇති ලංකා මෙට්‍රො ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමාගම වෙත අදාළ බස් රථ 10 පවරා, ඒවායේ මෙහෙයුම් කටයුතු එම සමාගම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

(අංජුල මහික වීරරත්න)

 
 

| Lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න