ඉසාක් බාබෙල් කියවන්න; 14 ගම්පහට එන්න

ඉසාක් බාබෙල් කියවන්න; 14 ගම්පහට එන්න

සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මනෝ ප්‍රනාන්දුගේ 'රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකතා' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.

පෙබරවාරි 14වෙනි සෙනසුරාදා උදේ 10ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාඛා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

මෙම කෘතිය පිළිබඳ කතාබහේ දී: ජයසිරි අලවත්ත, පරාක්‍රම කුරුප්පු සහ වරුණ අලහකෝන් ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිත යි.

මෙවර පැවැත්වෙන 94වන සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසිනි.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකතා' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

'රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකතා' කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදා-හදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකතා' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.

එහෙනම්, පෙබරවාරි 14 වැනි සෙනසුරාදා හමුවෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ.

එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!

 

book1

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න