නීතිවිරෝධීව තිරිඟු ඇට ගෙන්වූ ව්‍යාපාරිකයාට වැඩ වරදියි !

නීතිවිරෝධීව තිරිඟු ඇට ගෙන්වූ ව්‍යාපාරිකයාට වැඩ වරදියි !

පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ව ආහාර සැකසීම සඳහා යැයි පවසමින් තිරුඟු ඇට බහළුම් 107ක් නිතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබියදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ පිළිබඳ කරුණු හෙළිදරව්  කරගෙන තිබේ.

එහිදී  මෙම තිරිඟු ඇට තොගය සහිත බහලුම් අත්අඩංගුවට ගැනීමටත් එම ව්‍යාපාරිකයාගේ බලපත්‍රය අහෝසි කිරීමටත් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින්  අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්නට උපදෙස් දී ඇත.
 
ඒසේම එම ව්‍යාපාරිකයාට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාටද  අමාත්‍යවරයා විසින්  උපදෙස් නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න