සබීතා බිල්ඩිමෙන් ගැළවෙන්න කමිටුවක් !

සබීතා බිල්ඩිමෙන් ගැළවෙන්න කමිටුවක් !

 කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන DPJ Tower ගොඩනැගිල්ලෙන් එම අමාත්‍යාංශය ඉවත් කර මින් පෙර එම අමාත්‍යාංශය පිහිටා තිබු බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  විසින් ඊයේ (18) සය පුද්ගල විද්වත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.

එම කමිටුව සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු  කටයුතු කරන අතර, සෙසු සාමාජිකයින් වශයෙන් ජ්‍යෙෂ්ඨ  නීතිඥ ජගත් වික්‍රමනායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය , හිටපු සහකාර විගණකාධිකාරී ඩී. එල්. පී. ඩයස්, සිවිල් ඉංජිනේරු චන්දන එදිරිසූරිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති නිලධාරි එල්. ජී. හෙක්ටර් යන අයගෙන් සමන්විතය.
 
අමාත්‍යවරයා මෙම කමිටුව පත්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පිහිටා තිබෙන ගොඩනැගිල්ල සහ ඒ ආශ්‍රිත ගැටළු කිහිපයක් පදනම් කරගෙනය.

ඒ අතර අදාළ ගොඩනැගිල්ල  අමාත්‍යාංශය සඳහා කිසිසේත්ම උචිත නොවීම, මාසිකව ඊට රුපියල්  මිලියන 21කට අධික මුදලක් කුලිය වශයෙන් ගෙවීමට සිදුව තිබීම,  අදාළ  බදු කුලී  ගිවිසුම වසර පහකින් අවසන්වීම සහ  ඒ වනවිට මෙම ගොඩනනැගිල්ල සඳහා ගෙවීමට සිදුවන මුදල රුපියල් මිලියන  950 ඉක්මවීම සහ ඒ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කිරීම පිළිබඳව ගැටළුවද වෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මෙහි බදු ගිවිසුමේ නීත්‍යානුකූල භාවය , මෙතෙක් කල් ගෙවා ඇති කුලී හා වෙනත් වියදම් පිළිබඳව කරුණු සෙවීම, ගිවිසුම අවසන් කිරීමට ඇති නෛතික හැකියාව, යනාදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් කරුණු සොයා බැලීමට පියවර ගන්නා ලෙසද  අමාත්‍යවරයා එම කමිටුවට දැනුම්දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධව වන අවසන් වාර්තාව හා නිර්දේශ මාස දෙකක් තුළ තමන්ට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා කමිටුවට දන්වා ඇත.
 
මේ අතර අමාත්‍යවරයා විසින්කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා ගරු කතානායක  කරු ජයසූරිය මහතා වෙත ද ලිපියක් යොමුකර ඇති බවත්  අති දැවැන්ත මහජන මුදල් කන්දරාවක් වැය කරමින් මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති මෙම DPJ Tower ගොඩනැගිල්ල තවදුරටත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සඳහා යොදා ගැනීම ජාතික අපරාධයක් බව එහිදී දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න