Language Switcher

V2025

වසර 38 කට පසුව සාගර සම්පත් ගවේෂණයට  ‘‘නාරා‘‘ සූදානම් !

වසර 38 කට පසුව නාරා ආයතනය විසින් සාගර සම්පත් ගවේෂණයක් සිදුකිරීමට  එයි.

ඒ නොර්වේ රජයේ ආධාර ඇතිව වන අතර එහිදී Dr.Fridtjof Nansen නැමති පර්යේෂණ නෞකාව භාවිතා කරමින් 2018 ජුනි මස 22 සිට පුරා දින 26 ක කාලයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට නියමිතව ඇත.

Dr.H.M.Palitha Kithsiriමේ සම්බන්ධව කරුණු ඇතුලත් ප්‍රශ්නෝත්තර සටහනක් නාරා ආයතනයේ  නෝර්වේ - ශ්‍රී ලංකා ද්විපාර්ශික ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක, (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් /පර්යේෂණ හා සංවර්ධන ) ආචාර්ය එච්.එම්.පාලිත කිත්සිරි  විසින් නිකුත් කර ඇති අතර එය පහත පළවේ. 

01.  සාගර සම්පත් ගවේෂණයේ ප්‍රධාන අරමුණ කුමක්ද?

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සමුද්‍ර ජීවී සම්පත් තිරසාර භාවිතය සහ සාගර පරිසර පද්ධති  වල ආරක්ෂාව තහවුරු කිරීම. එමෙන්ම ධීවර සම්පත් කලමණාකරණයේ දී ප්‍රතිපත්ති තීන්දු ගැනීම සඳහා ඉතා නිවැරදි ධීවර දත්ත අවශ්‍ය වේ.

මෙම ධීවර දත්ත ලබා ගැනීමේ ක්‍රම වේද 2 කි.
1.  ධීවර කර්මාන්තයේ යෙදෙන  ධීවරයන් මඟින් ලබා ගන්න වූ දත්ත
2.  පර්යේෂණ මඟින් සත්‍ය වශයෙන් මුහුදේ සිටින මසුන් පිලිබඳ විද්‍යාත්මක     
     අධ්‍යනය මඟින් ලබා ගන්න වූ දත්ත

02.  මෙම සාගර ගවේෂණය මඟින් සිදුවන බලපෑම කුමක්ද?

තිරසාර ධීවර කර්මාන්තය  සහයෝගී රටවල ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව වැඩි දියුණු කරයි  යන තේමාව යටතේ මෙම සාගර සම්පත් ගවේෂණය සිදු කරයි.

03.  මෙම සාගර සම්පත් ගවේෂණය කිරීමේ ක්‍රමවේදය කුමක්ද?

මෙයට පෙර සාගර සම්පත් ගවේෂණය   ශ්‍රීලංකාවේ මුහුදු තීරයේ  විද්‍යානුකූලව සිදු කර ඇත්තේ  1978 - 1980 කාල සීමාව තුලදී  නෝර්වේ රාජ්‍ය සතු  Dr.Fridtjof Nansen නැමති පර්යේෂණ නෞකාව භාවිතා කරමිනි.

වසර 38 ක කාලයක් තුල විද්‍යාත්මක සාගර සම්පත් ගවේෂණයක්, විශේෂයෙන්ම  ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත පිලිබඳ  ගවේෂණයක් සිදුකර  නොමැත.
එසේ හෙයින් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත පිලිබඳ දැනට පවතින තත්වය පිලිබඳ පර්යේෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
Dr.Fridtjof Nansen නැමති පර්යේෂණ නෞකාව භාවිතා කරමින් 2018 ජුනි මස 22 සිට පුරා දින 26 ක කාලයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට නියමිතව ඇත.
 
04.   සාගර  සම්පත්   ගවේෂණය   සඳහා   නෝර්වේ   රාජ්‍යයේ    දායකත්වය ලබා ගත්තේ කෙසේද?

 ශ්‍රී ලංකා රජය නෝර්වේ රාජ්‍යයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම සාගර සම්පත් ගවේෂණය සඳහා සහයෝගය ලබා දීමට නෝර්වේ  රාජ්‍යය එකඟ විය.
 
05.   මේ සඳහා නොරවේ රාජ්‍ය තෝරා ගත්තේ ඇයි?

නොර්වේ රාජ්‍ය ඉතා ඉහළ ධීවර කලමණාකරනයක් පවතින රටකි. එමෙන්ම ලෝකයයේ ධීවර කර්මාන්ත තාක්ෂණය පිලිබඳ සැලකීමේ දී එම රටෙහි ධීවර සම්පත් නෙලා ගැනීමේ දී  ඉහළ  තාක්ෂණික ක්‍රම භාවිතා කරයි.

ප්‍රධාන වශයෙන්ම නෝර්වේ රාජ්‍යය  සතුව 2017  නිෂ්පාදනය කරන ලද ඉතාම  නවීන  තාක්ෂණික  උපකරණ වලින් සමන්විත Dr.Fridtjof Nansen නෞකාව මඟින් මෙම සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට බලපොරොත්තු වේ.
 
06.  මෙම සාගර සම්පත් ගවේෂණය සඳාහ ශ්‍රී ලංකාවේ දායකත්වය කුමක්ද?

මෙම ගවේෂණය සඳහා නාරා ආයතනයේ විද්‍යාඥයින් 20 දෙනෙකු ද ධීවර දෙපාර්තුමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් ද සහභාගී වේ.
 
1.     ධීවර පර්යේෂණ අංශ මඟින් සුදුසු හා අවස්ථානුකූල විද්‍යාත්මක උපදේශ ධීවර කලමණාකරනය සඳහා ලබා දීම.
 
2.     තිරසාර ධීවර කලමණාකරනය සඳහා ධීවර පර්යේෂණ හා කලමණාකරන ආයතන සඳහා ප්‍රමාණවත් හා නිසි දැනුමක් සහ ආයතන ධාරිතාවය ලබා දීම.
 
3.     ධීවර කලමණාකරනය පරිසර පද්ධති මූලධර්ම වලට අනුව සිදු කිරීම.

 08.  මෙම සාගර සම්පත් ගවේෂණයේ යෙදෙන නෞකාව මඟින් ක්‍රියාත්මක කිරීමට  බලාපොරොත්තු වන ගවේෂණ ක්‍රම වේදය කුමක්ද?
 
1. තිරසාර ධීවර කර්මාන්තය
 
·        මසුන්ගේ කීට අවස්ථා අධ්‍යනය සහ බෝවෙන අවස්ථා සහ මසුන් බෝවන කාල සීමා හදුනා ගැනීම.
·        සමුද්‍රීය මසුන්ගේ ව්‍යාප්තිය, බහුලතාව, වෙනස්වීම, මසුන්ගේ තොග හඳුනා ගැනීම සහ මසුන්ගේ පරිසර විද්‍යාත්මක සහ පර්යටන රටා අධ්‍යනය

  •   නිෂ්පාදනතාවය වෙනස් වීම
  •   සත්ව විශේෂ වල සිදුවන ව්‍යාප්තියේ වෙනස්වීම
  •   පෝෂණ මට්ටම් වෙනස්වීම සහ විශේෂ වල විවිධත්වය වෙනස්වීම
  •   ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය හා මුහුදු ජලයේ ආම්ලිකතාව
  •    බහුලව නෙලා නොගන්නා මත්ස්‍ය සම්පත් වල (mesophelagic fish) බහුලතාවය සහ පවතින සම්පත් හඳුනා ගැනීම සිදු කිරීම.
  •      පතුලේ වෙසෙන නිතල වාසි මසුන් සම්පත පිලිබඳ අධ්‍යනය
     
    2.  සමුද්‍ර දූෂණය හා සාගර පරිසරය සිතියම් ගත කිරීම.
    ·        සමුද්‍ර දූෂණ කාරක සහ මසුන් ආහාරය සඳහා සුරක්ෂිතතාව පිළිබඳ  අධ්‍යනය
    ·        සමුද්‍ර සුන් බුන් සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිලිබඳ අධ්‍යනය
    ·        සමුද්‍ර පතුලේ පරිසර පද්ධතිය සිතියම් ගත කිරීම.
     
    3.  දේශගුණික විපර්යාස පිලිබඳ අධ්‍යනය
    ·        සමුද්‍ර පරිසර පද්ධතියේ නිෂ්පාදනය, විවිධත්වය සහ ව්‍යුහය මත දේශගුණික තත්ව වෙනස් වීම බලපෑම.
    ·        සමුද්‍ර පරිසරයේ ජෛව රසායනික ක්‍රියාදාමයන්
    ·        අතීතයේ, දැනට පවතින සහ අනාගත පරිසර පද්ධතිය ලක්ෂණ ගත කිරීම.
     
    09.  මෙම සාගර සම්පත් ගවේෂණය   සඳහා උදව් කරනු ලබන ආයතන කවරේද?
  • මෙම ගවේෂණය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාරා ආයතනය විසින් සිදු කරනු  ලබයි. එමෙන්ම ධීවර දෙපාර්ත්තුමේන්තුව ද මේ සඳහා දායක වේ. මේ  සඳහා නෝර්වේ රාජ්‍යයයේ සාගර පර්යේෂණ ආයතනය ( Institute of Marine Research ) නාරා ආයතනය සමඟ ඒකා බද්ධව මෙම සාගර ගවේෂණය සිදු කරනු ලබයි.
  • මෙම සාගර සම්පත ගවේෂණය සඳහ යොදා ගනු ලබන Dr.Fridtjof Nansen නෞකාව සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ නොර්වේ රාජ්‍යයේ නොරාඩ් (NOARD) ආයතනය මඟිනි.
    එමෙන්ම මෙම ව්‍යාප්තිය සඳහා සම්බන්ධීකාරක කටයුතු කරනු ලබන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි.
    තවද ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ  නෝර්වේ තනාපති  ගරු තෝර්  බියෝන්  ගවුස්ත  සේතර්  මැතිතුමා දායක විය.
     
    10.   මෙම ගවේෂණයෙන් පසු අඛණ්ඩව මෙය සිදු කර ගෙන යෑමට ක්‍රම වේදයක් තිබේද?
    මෙම ගවේෂණය  සඳහා සහභාගී වන විද්‍යාඥයින් සාගර සම්පත් ගවේෂණය සඳහා විද්‍යාත්මක පුහුණුවක් ලබන අතර පසුව නාරා ආයතනය සතු සමුද්‍රීකා පර්යේෂණ නෞකාව භාවිතාකර අඛණ්ඩව සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට බලාපොරොත්තු වේ.IMG 0513IMG 0528