වැලිකඩ ඝාතනයට සම්බන්ධ තවත් 12 දෙනෙකු හෙළිවෙයි ! 

වැලිකඩ ඝාතනයට සම්බන්ධ තවත් 12 දෙනෙකු හෙළිවෙයි ! 

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු  පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන අය ජූලි 03 දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  නියෝග කර තිබේ.

2012 වසරේ  වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මොවුන් දෙදෙනා පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබු අතර ඊට අදාළ  නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

එහිදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තවත් පුද්ගලයින් 12 දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඔවුන්ගේ  දුරකතන සම්බන්ධ විස්තර ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. 

අදාළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය මාසයක කාලයක් ඇතුළත සැකකරුවන්ගේ දුරකතන සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලෙස දුරකතන සමාගම් කිහිපයකට නියෝග කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න