බලශක්ති ඇමතිගේ ටෙන්ඩර් මගඩියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

බලශක්ති ඇමතිගේ ටෙන්ඩර් මගඩියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුතු LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සහ එම ටෙන්ඩර් පටිපාටියේදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ (18) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකරන ලදි.

එම පෙත්සම ගොනුකර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ විසින්ය.

පෙත්සම ගොනුකිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ නුදුරේදීම ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ඒ සදහා අවම මිල ලබාදුන් දේශීය සමාගම නොතකා හැර චීන සමාගමක් වෙත පැවරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කලහොත් ඉන් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50 ක් බවය.

එමෙන්ම රටේ බලශක්තිය පාලනය කිරීමේ බලයද චීනයට හිමිවනු ඇති බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න