දුෂිත LNG බලාගාර ටෙන්ඩරය : අමාත්‍ය මණ්ඩලය විසිකර දමයි !

දුෂිත LNG බලාගාර ටෙන්ඩරය : අමාත්‍ය මණ්ඩලය විසිකර දමයි !

ටෙන්ඩර් පටිපාටිය අමු අමුවේ උල්ලංඝණය කරමින්  කෙරවලපිටිය  LNG  බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබාදීම සඳහා  අද (19) උදෑසන කැබිනට් මණ්ඩලයට විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉදිරිපත්කල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය  මණ්ඩලයේ  දැඩි  විරෝධය හමුවේ හකුලාගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මෙම කැබිනට් පත්‍රිකාවට අදාලව  අමාත්‍ය මණ්ඩල ස්ථාවරය වී ඇත්තේ  කෙලවරපිටිය LNG බලාගාර ව්‍යාපෘතියේ  සියලු ඉදිරි ක්‍රියාමාර්ග ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත යොමුකොට එහි නිර්දේශයන්ට අනුව සිදුකල යුතු බවය.

එසේම නිලධාරීන්ගේ ගැටවලට හසු නොවන ලෙසත් කවුරු කොහොම දුෂණ ක්‍රියා සිදුකළත් අවසානයේ එහි අපකීර්තිය ආණ්ඩුවට බවද එහිදී අමාත්‍යවරුන් සියඹලාපිටිය අමාත්‍යවරයාට පවසා ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න