විත්තිකාර පිවිතුරු හෙළ උරුම නායකයාට : විනිසුරුගෙන් සදාචාරය ගැන පාඩමක්

විත්තිකාර පිවිතුරු හෙළ උරුම නායකයාට : විනිසුරුගෙන් සදාචාරය ගැන පාඩමක්

නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ  පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අධිකරණයට ලබාදීමට උත්සාහ කර ඇත්තේ  අගවිනිසුරුවරයාට යොමු කළ ලිපියක පිටපතක්ය. 

ඒ අදාළ නඩුවේ වින්දිත පාර්ශවය පසුගිය නඩු දිනයෙන් අනතුරුව  ජැනට් සැඩික් හා ලසිත පෙරේරා නමැති අය  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් ලියන ලද්දකි.

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලබා සිටින   පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී වැඩිදුරටත් විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ  තමන්ට  එරෙහිව නඩු විභාගයක් පවතින අතර තුර කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීම විත්ති පාර්ශවය විසින් සිදු නොකළ යුතු බවත් එය සදාචාරාත්මක නොවන බවත්ය. 

 යළි මෙවැනි ක‍්‍රියා සිදුනොකරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළ විනිසුරුවරයා ඉදිරියේදී මෙවැනි ක‍්‍රියාවක් යළි සිදුකළ හොත් දැඩි පියවර ගන්නා බවටද අවවාද කර තිබෙන බවද වාර්තා වෙයි.

මෙම  නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න